Site icon Newshub

නිදහස් අධ්‍යාපනය ඉවරද? ජාතික ජන බලවේගය ටියුෂන් පංති වල ප්‍රචාරක කටයුතු අරඹයි

පෞද්ගලික පන්ති සිදුකරන ගුරුවරුන් ටියුෂන් කඩ කාරයින් ලෙස හංවඩු ගසමින් ශ්‍රී ලංකාව තුල නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර එය සුරැකීමට සිටින එකම කණ්ඩායම තමන් බව පෙන්වීමට උත්සහ කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට සිය දේශපාලන අරමුණු සඳහා ඔවුන් විසින්ම ටියුෂන් කඩ කාරයින් ලෙස හැඳින්වූ පෞද්ගලික පන්ති ගුරුවරුන් විසින් මුදලට ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පන්තිවලට ගොස් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ මේ මස 14 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඔවුන් විසින් NPP Youth නමින් පවත්වනු ලබන දේශපාලනමය වැඩසටහනකට තවමත් පාසල් වයසේ පසුවන දු දරුවන් සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිවයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමට තිරිමාවිතාන (ත්‍රිමා) වෙනුර එදිරිසිංහ වැනි ශිෂ්‍ය නායකයින් දිවිදුන් පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් ජාතික ජනබලවේගය විසින් අත්තනගල්ල නිට්ටඹුව වැනි ප්‍රදේශ වල උපකාරක පන්ති වල ශිෂ්‍ය ප්‍රජාව සිය පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුනා.

එම වැඩසටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුනා.

 

Exit mobile version