Site icon Newshub

චතුර අල්විස්ගේ මඩ ප්‍රහාරයට ඇමති සුසිල්ගෙන් සැර පිළිතුරක්

දෙරණ ආයතනයේ උදෑසන පුවත්පත වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් 2024 07 12 දින පැවති වැඩසහනේදී අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බැවින් හැකි ඉක්මණින්  වරප්‍රසාද කමිටුවට කැදවන ලෙස ප්‍රේමජයන්ත මහතා අද(12දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය අනුග්‍රහයෙන් ඔනෑම කෙනෙකුට ව්‍යාපාරිකයෙක් විය හැකි බවත් එය ව්‍යවසායකත්වය නොවන බවද පැවසු  ප්‍රෙම්ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුයේ හිටපු ජනාධිපති ගෝඨාභය මහතාට ජනාධිපතිධූරය අත්හැරදමා යාමට සිදුවුයේද ඔවුන්ගේ උපදෙස් නිසා බවද ප්‍රකාශ කළේය.

 

“චතුර අල්විස් ඔහුගේ මතයත් ඉදිරිපත් කරමින් අසත්‍ය පුවතක් ජනගත කරන්න උත්සහ කර තියෙනවා. මම කියපු කරුණු පටලවගෙන දාලා තියෙනවා. මම ගැන විස්තර පටලවලා දාලා තියෙනවා.

අභියෝග රාශියක් තියෙද්දි අපි අධ්‍යාපනය අරගෙන ගියා. මේ සැරේ අධ්‍යාපන අමාත්‍යාංශය භාරගද්දි එතුමගෙ ආයතන ප්‍රධානියගෙ උපදෙස් අනුව ක්‍රියාත්මක වුන ජනාධිපතිතුමාට තනතුර දාලා යන්න වුනා. ජනතාවට ප්‍රෙටල් නැතිව දින පහක් පෝලිම් වල ඉන්න වුනා. අරගල කරුවෝ එතුමාලගේ ආයතනවලටත් ගියා. හැංගිලා හිටියේ. එතුමලා මගෙන් අහනවා මම මොකක්ද කළේ කියලා. නොදන්න දේවල් කතාකරන්න එපා.

එයාගෙ‌ බොස් ව්‍යවසායකත්වය උගන්න උගන්න රටපුරා ජනාධිපති අපේක්ෂයෙක් වෙන්න යනවා. එයා ලියලා දුන්නු ටික වෙන්න ඇති කියවන්නේ වැඩසටහනේ. රාජ්‍ය අනුග්‍රහයෙන් ඔනෙ කෙනෙකුට ව්‍යාපාර කරන්න පුළුවන්. එක ව්‍යවසායක්තවය නෙවෙයිනේ. ඔය නාලිකාව ගත්තු හැටි මට කියන්න පුළුවන්. මහින්ද සුලග හමන්න නුගේගොඩට එන්න කිව්වා. මහින්දගෙ වාතයක්වත් නුගේගොඩ ගියෙ නැහැ.

මම ක‌ඩේ නොගිහින් පොළේ ගිය නිසා මට ඇමතිකම නැතිවුන. නමුත් ඒයාලා ක‌ඩේ ගිය නිසා ව්‍යාපර කරන්න වරප්ප්‍රසාද ලැබුණා.  බංකොළොත් දේශපාලනකාරයො නෙවෙයි අපි.

මේ නිසා වහාම මේ අය වරප්‍රසාද කමිටුවට ගෙන්නන්න කියලා මම කථානාකතුමාගෙන් ඉල්ලිමක් කරනවා.

අපේක්ෂකයෙන් එන ආයතනයක ප්‍රධානියෙක් එතුමාගේ කැම්පේන්න එකට අපිට මඩ ගහන්න බැහැනේ. අපි නීති උපාධිය කළේ නිකමට නෙවෙයිනේ. “ යනුවෙන් පැවසීය

 

Exit mobile version