Site icon Newshub

දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රධානව තවත් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ක්‍රියාත්මක කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරිමට එම සංගම් තීරණය කර තිබේ.

ඒ අනුව එම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රි යේ සිට අවසන් කරන අතර ඔවුන් හෙට පෙරවරුවේ පටන් නියමිත පරිදි රාජකාරියට වාර්තා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඔවුන් සේවයට වාර්තා කළහොත් “සේවය හැරගියා සේ සලකා” නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.

Exit mobile version