Site icon Newshub

අපේ සහාය සජිත් ප්‍රේමදාසට – තිලංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල පාර්ශ්වය ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

තමන්ට එකඟවිය හැකි ප්‍රතිපත්ති සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බැවින් එලෙස ඒ මහතාට සහය දැක්වීමට සුදානම් බව මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුප්පත් ජනතාවට විවිධ දේ ලබාදීම වැනි ක්‍රියාකාරකම් නිරත වන බැවින් එවැනි පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමට පහසු බව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියා.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් කිහිපයකට වෙන්වී තිබීමත් එම පක්ෂයේ කුඩා කොටස් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් විවිධ පාර්ශව සමඟ එකතුවීම දක්නට ලැබෙන බව දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබෙනවා.

Exit mobile version