Site icon Newshub

ජපානයෙන් රු.බිලියන 170ක සහන ණයක් – කටුනායක දෙවැනි පර්යන්තය ඉදිකරන්න පියවර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා වූ සහන ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 170 ක පමණ මුදලක් ලබා දීමට ජයිකා ආයතනය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව මෙම ණය ගිවිසුම් කඩිනමින් අත්සන් කොට ඉදිකිරීම් කටයුතු සඳහා අදාළ ටෙන්ඩර් කැඳවීම් සැප්තැම්බර් මාසය වන විට සිදු කිරීමට පියවර ගන්නා බව ජයිකා නියෝජිතයන් විසින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට දැනුම් දී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් පසු රට තුළ යළිත් ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරභාවය හේතුවෙන් ජයිකා ආයතනය මෙම එකඟතාව පළ කළ බවයි.

පසුගිය කාලයේදී රට තුළ ඇති වු ආර්ථික අවපාතය හේතුවෙන් මෙම ඉදිකිරීම් කටයුතු නවතා දමා තිබේ. කෙසේ වුවද නවීන තාක්ෂණය සහ පහසුකම් සහිතව ඉදිවන මෙම දෙවැනි පර්යන්තය ඉදිකිරීමෙන් අනතුරුව දැනට වසරකට මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන මිලියන 06 ක් පමණ ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 16 ක් දක්වා වැඩි කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Exit mobile version