Site icon Newshub

වෙඩි ප්‍රහාරයෙන් මියගිය හිටපු චීවරධාරියාගේ ගිණුමක ලක්ෂ 600ක් – ප්‍රහාරය අනුර කුමාරටත් ජීවිත අවධානමක් ඇති කරලා

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී මියගිය නයන වාසල එදිරිසූරිය නැමති පුද්ගලයාගේ ගිණුමක රුපියල් ලක්ෂ 600ක මුදලක් තිබී ඇති බව පැවසෙනවා.

ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි මෙම පුද්ගලයා රුවන්වැල්ල ගෝනගල්දෙනිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති ලෙස සිට ඇති බවත් මිය ගිය මොහොත වන විට කේ සුජීවා මහත්මියගේ සැමියා ලෙස සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා මෙම අනාවරණය කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම සමඟ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජීවිතයද අවධානමකට ලක්ව ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වශයෙන් තර්ජනයක් විය හැකි කණ්ඩායම්ද මේ අයුරින් සැලසුම් සහගත් ලෙස ඝාතන සැලසුම් දියත් කිරීමේ ඉඩක් ඇති බවයි.

මියගිය නයන වාසල එදිරිසූරිය නම් පුද්ගලයා පැවිදි සමයේ ජනප්‍රිය ධර්ම කථිකයෙකු වී ඇති අතර කොරෝනා සමයෙන් පසු ඇති කර ගෙන තිබු පුද්ගලික හිතවත් කමක් මත උපැවිදි වී කේ සුජීවා නමැත්තිය සමඟ දිවි ගෙවා ඇති බව වාර්තවනවා.

ඔහු පැවිදි සමයේ ධර්මදේශනා තුළින් විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවද සඳහන්.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ පැවිදි කළ මිතුරකු වූ පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියන්ද තහවුරු කර තිබුනා.

එමෙන්ම ඔහු භාවිත කර තිබෙන්නේ ද නවීන BMW මෝටර් රථයක් බවද අනාවරණය වී තිබෙනවා.

Exit mobile version