Site icon Newshub

ONMAX අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපල අත්කර ගන්න නියෝග

නීති විරෝධී පිරමීඩාකාර ගනදෙණු කරමින් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කළේ යැයි කියන කළේ යැයි ”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලීසියට නියම කර තිබෙනවා.

”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනය තහනම් කිරීමෙන් පසු ‘සයිබර් එරර්’ සහ ‘කොයින අයි.එම්.’ නමින් ආරම්භ කර ඇති පිරමීඩාකාර මූල්‍ය ආයතන දෙකට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

පිරමීඩාකාර ගනදෙණු කරමින් වංචනික අන්දමින් ජනතාවගෙන් ලබාගත් මුදල් වලින් උපයාගත් දේපළ හා මුදල් තැන තැන්වල සඟවා අති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන අතුල ඉන්දික, සාරංග රන්දික, ධනංජය ජයනාත්, ගයාශාන් සහ සම්පත් සඳරුවන් නමැති පස්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

මුලය වංචාව කර ඕස්ටේ්‍රලියාවට හා ජොර්ජියාවට පැනගොස් ඇතැයි කියන මධුරංග ප්‍රසන්න සමරකෝන් හා කබර් අස්ලම් නමැත්න්ද රතු වරෙන්තු නිකුත් කර ඇති ගයාන් චාමර නමැත්තාද නොමැතිව පැමිණිලි විභාගය ආරම්භ කෙරිණි.

Exit mobile version