Site icon Newshub

සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් – වසරේ පළමු භාගයේ ඩොලර් බිලියන 1.5 ක ඉපැයීමක්

මෙරට සංචාරක ව්‍යාපාරය මේ වසරේ මුල් මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 සීමාව පසුකරමින් ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති අතර එය සංචාරක ව්‍යාපාර වර්ධනයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

ඒ අනුව ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.56 ක ආදායමක් සංචාරක ව්‍යාපාරය වාර්තා කර ඇති අතර එය වසරින් වසර වර්ධයනය සැලකීමේදී (YoY) 77% ක වැඩිවීමකි.

මේවසරේ ජූනි මාසයේදී, සංචාරක අංශය ඩොලර් මිලියන 151.1 ක් උපයා ඇති අතර  මෙය 2023 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට වසරින් වසර වැඩිවීම 23%කි . ජුනි මාසයේදී සංචාරකයින් 113,470ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එය පළමු මාස ​​හතර තුළ මසකට 200,000ක් පමණ පැමිණි සාමාන්‍ය මාසික පැමිණීම්වලට අඩු ප්‍රමාණයකි.

මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 112,128 න් ඩොලර් මිලියන 154.0 ක් පමණක් උපයා ගැනීමට සංචාරක ක්ෂේත්‍රයට හැකිවී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට දායක වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට සංචාරක ක්ෂේත්‍රය පත්ව ඇති අතර මෙය තවදුරටත් වර්ධනය කිරීමට රජයේ අවධානයයොමුව තිබේ.

(ඩේලිමිරර් උපුටාගැනීමකි)

Exit mobile version