Site icon Newshub

ජනාධිපතිවරණය කල්දැමීමට ඉල්ලීම සජබ වැඩක් ද?

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් ඉකුත් ද පෙත්සමක් ඉදිරිපත් කර තිබුනා.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තවත් කාලයක් රැඳී සිටීමට ඔහු විසින් යොදන ලද උපක්‍රමයක් වියහැකි බවට ඒ හා සමඟම සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය කිරීමට විපක්ෂය උත්සහ ගනිමින් සිටිනවා.

නමුත් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ බවට මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුදිනම ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය එය නොවන බවත් මෙම වසරේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවටත් ප්‍රකාශ කර තිබේ.

කවුද මේ සී.ඩී. ලෙනව

පානදුර ප්‍රදේශයේ ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව ව්‍යවසායකයෙකු පමණක්ම නොව දේශපාලනයටද අලුත් මුහුණක් නොවන බව ඔහුගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි.

ඒ මන්දයත් ශ්‍රී ලංකාවේ ණය ඉතා කඩිනමින් ගෙවිය හැකි බවට සපත කරමින් ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පැවසූ රොහාන් පල්ලෙවත්ත මහතාගේ නායකත්වය යටතේ පැවති ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සී.ඩී. ලෙනව මහතාවද නම්කර තිබුණි.

මේ වනවිට රොහාන් පල්ලෙවත්ත මහතා සමගි ජන බලවේගයේ උපදේශකයකු ලෙස අතර එම පක්ෂයෙන් ජාතික ලැයිස්තුවට නම්කළ සී.ඩී. ලෙනව මහතා ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කිරීම බොහෝවිට ඔහ්ය්ගේ නායකයා වන රොහාන් පල්ලෙවත්ත මහතා නොදැන සිටීමට නොහැකිය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රට බංකොලොත් බාවයෙන් මුදා ණය හිමි රටවල් සමඟ සහ පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කර රටට සුබදායි ලෙස ණය ගෙවීමට කල්ලබාගෙන ඇති කාලයක මෙන්ම උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම, අස්වැසුම වැඩසටහන යටතේ සමෘද්ධිය මෙන් දෙගුණයක් මුදල් දුප්පත් ජනතාවට ලබාදීම සහ දෙලක්ෂ පනස්දාහක පිරිසකට තට්ටු නිවාස වල සින්නක්කර අයිතිය ලබාදීම වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අවධියක මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව අතර වැරදි චිත්‍රයක් ඇතිකිරීමේ අරමුණ ඇතිව සිදුකලා නොවන්නට බැරිය.

සමගි ජනබලවේගයේ උපදේශකයකු ලෙස කටයුතු කරන රොහාන් පල්ලෙවත්ත මහතාගේ නායකත්වය යටතේ සිටින ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත්ව සිටි සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නොදැන සිටීමට ඇති ඉඩ සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි.
එය ඔවුන් විසින් හිතා මතාම සිදුකළේදැයි දන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයම පමණි.

මේ ඒ සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික නාලිකාවක පවතී දේශපාලන වැඩසටහනකදී කළ අනාවරණයක්

Exit mobile version