Site icon Newshub

කෙහෙළියගේ පවුලේ කෝටි 09 ක තැන්පතු තහනම්!

කෙහෙළිය රඹුක්වැල්ල මහතා‌ගේ පවුලට අයටත් ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ මැදිහත්වීම මත මහාධිකරණය කටයුතු කර ති‌බේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සමාජිකයින්ගේ බැංකු ගණුම්වලට අදාළව රුපියල් මිලියන 93.125 වටිනාකමකින් යුතු ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ඇතිවු සැකකටයුතු තත්වයක් හේතුවෙන් මේ සම්බන්ධවෙන් තහනම් නියෝගයක් ගෙන විමර්ශනය කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර ඇත.

ඒ අනුව මුදල් විශුද්ධිකරන වරද යටතේ ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් මෙලෙස තහනම් කර තිබේ.

බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්හනය කිරීම සඳහා   හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත  පෙබරවාරි මාසයදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

 

Exit mobile version