Site icon Newshub

2024 මුල් මාස 6ට කොටස් වෙළෙඳපොළේ 14%ක වර්ධනයක්

මෙරට ආර්ථිකයේ සාධණීය වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසරේ මුල් මාස 06ක කාලයේදී සියයට 14ක වර්ධනයක් අත්කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබෙනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ පළමු මාස 06 තුළදී සියයට 13.99ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

වසර ආරම්භයේදී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය ජූනි 28 වැනි දින ගනුදෙනු අවසානයේදී ඒකක 12,144.54ක් දක්වා ඒකක 1,490.38කින් ඉහළ ගොස් තිබේ. එය සියයට 13.99ක වර්ධනයක් බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකයට අනුව 2024 මුල් භාගය තුළ කොටස් වෙළෙඳපොළේ වර්ධනය සියයට 16.95ක් වන අතර වසර ආරම්භයේදී ඒකක 3,068.36ක් ලෙසින් සටහන්ව තිබූ S&P SL20 දර්ශක අගය පසුගිය ජූනි 28 වැනි දින ගනුදෙනු අවසානයේදී ඒකක 3,588.54ක් දක්වා ඒකක 520.18ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව මේ වසරේ මුල් මාස හයක කාලයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ සාධණීය වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙන බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

Exit mobile version