Site icon Newshub

අපි හිඟා කන්නේ විධායක සභාවේ තීරණයට අනුව – මහනුවර යාචක සංගමය කොමසාරිස්ට කියයි

මෙවර අසල පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේදැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත් පසුව එය දැනුම් දෙන බවත් මහනුවර යාචකයන්ගේ සංගමය පැවසූ බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇසළ පෙරහැර සංවිධාන කමිටු රැස්වීමේදී පැවසුවාය

මහනුවර මහා නගර සභාව ඇසළ මහා පෙරහැර සංවිධාන කටයුතු සඳහා සකසා ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මේ බව පැවසුවාය

නාගරික කොමසාරිස්වරිය තවදුරටත් මෙසේද පැවසුවාය

මහනුවර නගරයේ සිටින යාචකයන් පෙරහැර සමයේ ඊට බාධා නොවන අයුරින් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව මම ඔවුන්ව දැනුවත් කළා. එවිට ඔවුන් පෙරළා ප්‍රකාශ කළේ අපේ සංගමයේ රැස්වීමක් සහ විධායක සභාවක් තියෙනවා අද හෙටම එහිදී ගන්නා තීරණය අනුව අපි කටයුතු කරනවා. අපි ඒ තීරණය පසුව දැනුම් දෙන්නම් කියා ඔවුන් පැවසුවාය.

මහනුවර දිසා ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් අති පූජ්‍ය මල්වතු-අස්ගිරි අනු නාහිමිවරුන්ගේ මුලසුනින් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් දේවල වල බස්නායක නිලමේවරුන් හා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන්ගේ සහයෙන් ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි

Exit mobile version