Site icon Newshub

නව දේශපාලන ගමනක් මාතරින් ආරම්භවේ – මැති ඇමතිවරුන් රැසක් රනිල් සමග එක්වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වු “එක්ව ජයගමු – අපි මාතර” රැළිය සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් විශාල පිරිසක් අද(30දා) එක්විය.


“එක්ව ජයගමු – අපි මාතර” රැළිය විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු අතර එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විශාල පිරිසක්ද මෙම ජන හමුවට මාතර එක්ව සිටිය.
මෙහිදී රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ පක්ෂ දේශපාලනය පසුවට තබා නව වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කරන බවයි.


“අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.


රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.

Exit mobile version