Site icon Newshub

ඇමරිකාවෙන්, චීනයෙන් සහ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට උණුසුම් සුබපැතුම්.!

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් වලට   එළඹීමත් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරිගමනට ඇමරිකාව චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට උණුසුම් සුබපැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතනිය ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ඉදිරිගමනයට සුබපතා ඇති අතර යහපත් ප්‍රතිසංස්කරණ සඳහා තවදුරටත් උනන්දු කරන බව දක්වා ඇත.

චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් වලට එළඹීමෙන් පසුව චීන තනාපති කාර්යාලයද ශ්‍රී ලංකාවට සුබපැතැම් එක්කර ට්විටර් පණිඩුඩයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට එක්වු නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතීත්වය ඉසිලු ඉන්දීයාවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුබ පැතැම් එක්කර ට්විටර් පණිඩුඩයක් නිකුත් කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා ඊයේ(26දා) ප්‍රංශයේ පැරිස් නුවර පැවැති 2024 පැරිස් සංසදයට සමගාමීව මෙම අවසන් එකඟතාවයට පැමිණ අතර අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් මෙලෙස අවසන් එකඟතාවට එළැඹිණි.

Exit mobile version