Site icon Newshub

“රනිල් තමයි මිනිහා” – ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරණය කල්දැමීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, වත්මන් ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැණි කිසිවක් සිදු නොකරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ව්‍යවස්ථාවට අනුව පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව ද හෙතෙම සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ 26 වැනිදා කොළඹ, ලොරිස් පටුමගේ පැවති මාධ්‍ය හමුවේ දීය.

අත්දැකීම් හා පළපුරුද්ද ඇති නායකයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරමින් රට භාරදුන් බවත්, ඔහු මේ සඳහා සුදුසු බව ඔප්පු කර ඇති බවත් රණතුංග මහතා ප්‍රකාශ කළේය.

‘රනිල් තමයි මිනිහා’ යන මතයක් ජනතාව තුළ ගොඩනැගී ඇති බව ද රණතුංග මහතා ප්‍රකාශ කළේය. සුබ පණිවිඩය දරාගත නොහැකි පාර්ශ්ව විසින් රට පුරා වර්ජන රැල්ලක් කරගෙන යන බවත්, වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් පවතින මොහොතක මෙවැනි වර්ජන සිදු කරන්නේ රටට ආදරයක් නොමැති කුහකයන් බවත්, ඒ පිටුපස දේශපාලන පක්ෂ සිටින බවත් අමාත්‍යවරයා කීවේය.

Exit mobile version