Site icon Newshub

ශ්‍රී ලංකාව පිළිබඳ සතුටුයි – වාණිජ ණය හිමියන් සමඟත් ඉක්මණින් ඒකඟතාවට පැමිණේවි –  IMF 

ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ණය හිමියන් සමඟ සිය ණය ගිවිසුම් අවසන් කිරීමේ පිළිබඳ සතුටු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ණය ගිවිසුම් සඳහා එකගතාවයකට පැමිණීම ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තවත් පියවරකින් ඉදිරියට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළ බව නිව්ස් ෆස්ට් මාධ්‍ය ආයතනය වාර්තා කර ඇත.

“නුදුරු අනාගතයේ දී පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹීමේ කඩිනම් ප්‍රගතියක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යනුවෙන් ඔහු නිව්ස් ෆස්ට් මාධ්‍ය ආයතනය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළබව ඔවුන් වාර්තා කර තිබේ.

ඊයේ දින (2024 ජූනි 26 වැනි දින) ශ්‍රී ලංකාව,   නිල ණයකරුවන්ගේ කමිටුව (OCC) සහ චයිනා එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා අවසන් කරමින් ණය ප්‍රතිව්‍යහගත කිරිමේ ගිවිසුම් සඳහා එකඟතාවලට පැමිණියේය.

Exit mobile version