Site icon Newshub

රාජපක්ෂවරුන් පාලනය කිරීමට කිසිවෙකුට ඉඩක් දෙන්නේ නැහැ – බැසිල්

“රාජපක්ෂවරුන් පාලනය කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔහේට අපිව එකවරක් එපා නම් අපිට ඔහෙව සිය වතාවක් එපා” යනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රසිද්ධියේම දෝශාරෝපණය කර ඇති බව වාර්තාවේ.
රාජපක්ෂවරුන් සඳහා නිර්මාණය කරගත් පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂය පාලනය කිරීම රාජපක්ෂවරුන් මිස වෙනත් කිසිවෙකුට ඉඩ නොදෙන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර තිබේ.
ආණ්ඩුවේ අලුත් සන්ධානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැමිණිය යුතු නමුත් රාජපක්ෂවරුන් පැත්තකින් සිටිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී පවසා ඇති එයට පිළිතුරු ලෙස මෙලෙස දෝෂාරෝපනය කර ඇත.
රාජපක්ෂවරුන් නායකත්වය නොදරන පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වය ඇති පුළුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක් සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර වුවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් පිරිසක්ද කැඳවා තිබිණ. බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන්ද අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට ඇත
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ පසුගිය 17 වැනිදා සඳුදා දිනයේය

Exit mobile version