Site icon Newshub

සජබ ආණ්ඩුවකින් IMF ගිවිසුම සංශෝධනය කරනවා – සජිත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් රජය එකඟවී ඇති ගිවිසුම තමන්ගේ රජයක් යටතේ සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඉකුත් දා (14) ඒ මහතා මේ බව කියා සිටියා.

මේ දිනවල සමහර දේශපාලන පක්ෂ IMF එක නැතිව වැඩ කරන බව පවසන කියනවා. එම මෝඩ කතාවට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළ යි. IMF එක ලෝක බැංකුව, GAT එක WTO එක ආදිය හරහා ලෝක ආර්ථික රටාව නිර්මාණය වී තිබෙනවා. IMF එක නැතිව මේ ගමන යන්න පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශයක් කරනවා නම් එය ලෝක විහිළුවක් බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

ජනතාවගේ පැත්තෙන් වාසිදායක වන IMF එකඟතාවකට යොමුවෙන්න හැකියාවක් තිබිය යුතුයි. අද එවැනි දෙයක් සිදුව නැහැ. ජනතාවගේ දුක කඳුළ වේදනාවට මුල්තැන ලබාදී IMF ගිවිසුම් අත්සන් කර නැහැ. මේ ගිවිසුම රජයත් පාලකයෝත් අහසේ සිට කැටි වළාකුළුවල සිට මහපොළොවට පය නොගහ අත්සන් කරන ලද ජනතාවාදී නොවන ගිවිසුමක්. එය අප රජයක් යටතේ සංශෝධනය කරනවා යැයිද කීවේය.

Exit mobile version