Site icon Newshub

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකයත් අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 12 වැනිදා අදාළ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත.

තෙවන වාරිකය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

2023 වසරේ මාර්තු 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තීරීණ ණය පහසුකම යටතේ මාස 48ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කරනු ලැබීය.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් හිමි වූ අතර ඒ අනුව මේ වනවිට අමෙරිකානඩු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ඊයේ දිනයේ රැස් වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ දෙවන වාරිකය අනුමත කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සපුරාගෙන ඇති බව ඔහු එහිදි ප්‍රකාශ කර තිබේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතින බවත් කෙන්ජ් ඔකමුරා මහතා තිබෙනවා.

තුන්වන වාරිකයත් අනුමත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිය පළකරමින් සහ මේ සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දැක්මක් සහිත නායකත්වය ඉවහල් වූ බවට සඳහන් කරමින් රාජ්‍ය මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් එක්කර තිබෙනවා.

 

Exit mobile version