Site icon Newshub

පියාගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය නිසා හොද මිනිස්සුන්ට තැනක් නැහැ – රංජිත්

මැතිවරණවල සුපිළිපන්නභාවට වැඩිකිරීමටනම් මැතිවරණ සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම විනිවිධ භාවයකින් යුතුව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

නමුත් බොහොදුරට දේශපාලනයේ සිදුවන්නේ පියාගෙන් පුතාට හෝ දුවගේ සැමියාට අපේක්ෂත්වට හිමිවීම බවත් මේ ක්‍රමය නිසාම හොද මිනිසුන්ට දේශපාලනයට පැමිණීමේ අවස්ථාව මගහැරී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත. එමෙන්ම පුරවැසියන්ගේ මැතිවරණ පිළිබඳ දැනුම වැඩිකළ යුතු බවද හෙතෙම පවසා ඇති අතර එසේ සිදුකළහොත් අරක්කු කාලයි බත් පැකට් එකටයි මිනිස්සු ගෙන්වීමේ යුගය අවසන් කළ හැකි බවද හෙතෙම පවසා තිබේ.

CIR සංවිධානය විසින් සංවිධානය කර තිබු මැතිවරණ සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීම සඳහා දේශපාලන පක්ෂවල කාර්යභාරය යන සංවාදයට එක්වෙමින් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා මේබව ප්‍රකාශ කර ඇත.

Exit mobile version