Site icon Newshub

ජවිපේ කැම්පේන් කලේ මම – දිලිත්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටන් කළේ තමන් යැයි මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී ප්‍රකාශ කර තිබෙනවා. අනුර කුමාර මහතාට තමා සමග විවාදයකට පැමිණෙන ලෙස අරාධනා කළද ඔහු එය මගහරිමින් සිටින බවද හෙතෙම එහිදී පවසා තිබෙනවා.

“මම ආරාධනා කළා මගේ මිත්‍ර අනුර කුමාරට මම සමග සංවාදයකට එන්න කියලා. ඔහු සංවාදය මග හරිනවා. ඔහුට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද මම ප්‍රාදේශිය සභාවකටවත් නොගිය පුද්ගලයෙක් නිසා. නමුත් ඔහුත් මමත් සමානකම් තියෙන පුද්ගලයෝ. අනුරයි මමයි අපි දෙන්නා එකට වැඩ කරලා තියෙනවා.  ඔහුගේ කැම්පේන් මම කරලා තියෙනවා.  “දහස් මහ වැව්” ටැග් ලයින් එක ලිව්වේ මම. ජාතියට පණ දීම ලිව්වේ මම.  වැවට බැස්සේ මම. මම සමග සංවාද කරන්න‌ට ඔහුට ඔනෙනම් ඔනතරම් කරුණු හොයාගන්නත් පුළුවන්. “ යනුවෙන් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version