Site icon Newshub

සාර්ක් මහලේකම් සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුවී තිබෙන ගැටලු විසඳාගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමුකර ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මොඩර්න් ආර්ට් සඳහා සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබේ.

Exit mobile version