Site icon Newshub

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) ප්‍රකාශ කරයි.  2023 වසර තුළ මෙය වර්ධනය වී  ඇති බවත් ඩිජිටල් සාක්ෂරතාවය 63.5% දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔවුන් සඳහන්කර තිබේ.

මීට අමතරව, නිවාසවලින් 20.2% කට ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් ඇති අතර නාගරික අංශය පරිගණක සහ ඩිජිටල් කුසලතා යන දෙකෙහිම ඉහළ සාක්ෂරතාවයක් පෙන්නුම් කරන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version