Site icon Newshub

ජනපති රනිල්ට ඉන්දියාවෙන් විශේෂ සැලකිල්ලක්.?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වු රාජ්‍ය නායකයින් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුවිශේෂි පිළිගැනීමක් සහ විශේෂකොට සැලකීමක් දැක්වීම මෙවර උත්සවයේදී විශේෂයෙන්ම කැපී පෙණුනු කාරණයක් විය.
මෝදි අග්‍රාමාත්‍යවරයා අවස්ථා තුනකදී අගමැති ධුරයේ දිවුම්රුම් දී ඇති අතර මින් පෙර සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් මෝදි අග්‍රාමාත්‍යවරයා ආසන්නයේ ස්ථානගත නොකිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ අනුව එම දිවුරුම්දීමේ උත්සව වලට සහභාගී වු එවකට ජනාධිපතිවරුන් වු මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුන් මෝදී අගමැතිවරයා සමග සිටින සමුහ ඡායාරූප වලින්ද ඒ බව පැහැදිලි වේ.
නමුත් මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ආසන්නයෙන්ම සිටින රාජ්‍ය නායකයා වශයෙන් ස්ථානගත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබුණි. එමෙන්ම ඉන්දියාවට පැමිණි පසුව ඉතා උණුසුම් අන්දමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දියාව කටයුතු කර තිබුණි.
එමෙන්ම දිවුරුම්දීමේ උත්සවය අවස්ථාවේදී කලාපයේ ජනාධිපතිවරුන් සම්ප්‍රාපත්වීමේදී මෝදි අගමැතිවරයාට පෙර අවසන් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උත්සව අවස්ථාවට සම්ප්‍රාප්ත කරවීමට කටයුතු කර තිබු අතර එම අවස්ථාවට සහභාගීවු සියලු රාජ්‍ය නායකයින් අසුන්වලින් නැගිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිගැනීමට කටයුතු කිරීමද සුවිශේෂි විය.
එමෙන්ම රාජ්‍ය නායකයින්ට පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ද මෝදි අග්‍රමාත්‍යවරයා ආසන්නයේදී අසුන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබුණු අතර මේ සියල්ල සැලකීමේදී ඉන්දියාව ශ්‍රීලංකාව සුවිශේෂි තත්වයේලා සලකන බව පැහැදිලි විය.
මෙය ඉතාම වැදගත් රාජ්‍යතාන්ත්‍රික පණිවිඩයක් වන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික සම්බන්ධතා ඉහළ මට්ටමට ගෙනඒ්මට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවද පැහැදිලිව පිළිබිඹුවන අවස්ථාවක් ලෙසද දැක්විය හැකියි.

 

 

 

Exit mobile version