Site icon Newshub

අගමැති මෝදි ලබන අගෝස්තුවේ ශ්‍රි ලංකාවේ සංචාරයක් – ජනපතිගේ ආරාධනය පිළිගනියි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයක් සඳහා එක්වන බව වාර්තාවේ.  ඒ ශ්‍රී ලංකා​වේ සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි​ට කළ ආරාධනාව ඔ​හු පිළිගැනීමත් සමගය.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති විශේෂ හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනාව සිදුකර තිබේ.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයක් සදහා එක්වෙ​නු ඇතැයි, ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.කේ ජයශංකර් ස​හ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ​වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර ඇති ජයෂංකර් මහතා ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද සඳහන් කර තිබේ.

Exit mobile version