Site icon Newshub

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව උසස් සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ද්විපාර්ශ්වීය ණය හිමියන් අතර මේ වන විට උසස් මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒ හා සම්බන්ධ පාර්ශ්ව උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබෙනවා.

මේ අනුව ඉන්දියාව, හංගේරියාව සහ පැරිස් සමාජය ඇතුළත් රජය සහ නිල ණය දෙන්නන්ගේ කමිටුවේ සාමාජිකයින් අතර ගිවිසුමේ කෙටුම්පත් හුවමාරු කර ගනිමින් සිටින බවද එම වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකමේ ඉදිරි වාරික ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය දෙන්නන් සහ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම අනිවාර්ය වනවා.

Exit mobile version