Site icon Newshub

ඉන්දීය අගමැති ජනපති රනිල්ට තුති පුදයි

තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක් කර තිබෙනවා.

X පණිවුඩයක් යොමුකරමින් ජනපති මේ සුබපැතුම එක්කර තිබෙනවා.

ඉන්දියාවට සමෘද්ධිය සහ සාර්ථකත්වය කරා යාමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී යටතේ හැකි වේවායි ජනපති සිය සුබපතුමේ සටහන් කර තිබෙනවා.

එයට ස්තුති කරමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී සඳහන් කර ඇත්තේ ඉදිරියේදීත් දෙරට අතර සබඳතා පවත්වාගෙන යාමට සුදානම් බවයි.

 

Exit mobile version