Site icon Newshub

අ.පො.ස. සාමාන්‍ය පෙළ අදින් ඇරඹෙයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගය අද (06) සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 452,979ක් පෙනී සිටින බවයි වාර්තා වෙයි.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි

එමෙන්ම පොලිස් නිලධාරින් 2000කට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇත.

Exit mobile version