Site icon Newshub

EPF පොලිය ඉහළට

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13%ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් පළ කර තිබේ. ඒ අනුව 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්මතව පැවැති පොලී අනුපාතයද ඉක්මවමින් එය 9% – 13% දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් නැගූ චෝදනාව අර්ථ විරහිත බවත් අමාත්‍යවරයා පවසයි. රටේ ඇති දැවැන්තම අරමුදල සේවක අර්ථසාධක අරමුදල බවත්, මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් ලක්ෂ විසි හතක පිරිසක් එහි සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශාලතම අභියෝගය එල්ල වූයේ සේවක අර්ථසාධක අරමුදලත් සමග පැවති ණය සම්බන්ධව බවත්, එම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට විශාල අලාභයක් සිදුවන බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍ය හරහාද සමාජයේද බොහෝ චෝදනා එල්ල වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Exit mobile version