Site icon Newshub

පාසල් සිසුවියන්ට අප්‍රේල් මාසයේ සිට නොමිලේ සනීපාරක්ෂක තුවා

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතාව ඇති සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000 කට මෙය ලබා දීමට නියමිත අතර මෙම වැඩසටහන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් වෙයි

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජය්න්ත් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version