Site icon Newshub

බස්නාහිරට දකුණට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක්

බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිත පාතාල අපරාධකරුවන් මර්දනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (19) දින මෙහෙයුම් සඳහා පිටත් තිබෙනවා.

මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේ වන විට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා කටයුතු කරනු ලබන බව පොලිස් බලධාරීහු පවසති.

මේ සෑම කණ්ඩායමක් සඳහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිලධාරීන් 04ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 02 ක් ඇතුළු නිලධාරීන් 09ක ගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමඟ අනුයුක්ත කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Exit mobile version