Site icon Newshub

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 2ක් නොමිලේ හාල්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

Exit mobile version