ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අරමුදල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපියල් 57, 73, 512 ක මුදලක් ලැබී තිබෙනවා.
සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙසද රජය උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන අතර රාමසාන් මාසය තුළ Òගාසා හි ළමා අරමුදල Ò සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වැනිදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදුපත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.
කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා ගාසාහි ළමා අරමුදලට පසුගිය 28දා රුපියල් මිලියන තුනක මුදලක් පරිත්‍යාග කළේය.
විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා පරිත්‍යාග ලබාදීමට අපේක්ෂිතය.