Site icon Newshub

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් තීරණය කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ වෙසක් (21) දින සිට (26)දින පහක් පුරාවට විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම පිළිබඳව මූලික සාකච්ඡාව බුද්ධ ශාසනා සංස්කෘතික කටයුතු අමාත්‍යය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) වන දින පැවැත්විය.

එම වැඩසටහනේ සමාරම්භක උත්සවය මාතලේ කලල්පිටිය පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට හා සමාප්ති උත්සවය පල්ලෙපොල මිල්ලවානා රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කෙරුණු අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම වෙසක් බැති ගී පහන් කූඩු ,වෙසක් තොරණ ,පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන් ලේ දන්දීමේ වැඩසටහන් ආදී විශේෂ වැඩසටහන් පරිදිපැවැත්වීමට,සර්ව ආගමික අංග ඇතුළත් පෙරහැරක් පැවැත්වීම කෙරෙහි මෙහිදී සාකච්ඡා කෙරුණි.

Exit mobile version