Site icon Newshub

අපේ ආණ්ඩුවක් යටතේ කොන කැපීම සපුරා තහනම්! – ජාතික ජනබලවේගය

ජාතික ජනබලවේගය රජයක් යටතේ ස්ත්‍රී සහ පුරුෂයන් සඳහා ශරීරයට වදහිංසා පමුණුවන සුන්නත් කිරීම වැනි දෑ වැලැක්වීම සඳහා නීති සකසන බව එම පක්ෂය සඳහන් කරනවා.

ජාතික ජනබලවේගයේ ස්ත්‍රී ප්‍රඥප්තියේ “කාන්තාවන්ට අසමාන ලෙස සලකන සියලුම නීති ප්‍රතිසංස්කරණය කිරීම” යටතේ මේ බව දක්වා තිබෙනවා.

එමෙන්ම කාන්තාවන්ගේ සිරුරු සහ එහි ප්‍රජනන භූමිකාවන් සඳහා කාන්තාවන්ට ඇති අයිතිය තහවුරු කිරීම සඳහාද නව නීති ගෙන එන බව එහි සඳහන් වනවා.

එම යෝජනා ඇතුලත් ජාතික ජනබලවේගයේ ස්ත්‍රී ප්‍රඥප්තියේ කොටස පහතින් දැක්වේ

ජාතික ජනබලවේගයේ ස්ත්‍රී ප්‍රඥප්තිය  

Exit mobile version