Site icon Newshub

උද්දිකගේ අඩුව පුරවනන නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලැබීය.

ඉකුත් දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න මේ වන විට කැනඩාවේ පදිංචියට ගොස් තිබේ.

Exit mobile version