Site icon Newshub

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට පාසල් සිසුන්ට කැබිනට් මණ්ඩලය විවෘත කරයි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට කැබිනට් මණ්ඩල රැස්වීම දැකබලා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථාව ලබාදුනි.

ඒ ඊයේ සවස එම දරුවන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදීයි

ශ්‍රී ලංකාවට තරුණ, දැන උගත් දේශපාලන පරපුරක දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. මේ රට තුළ හුදු ජාතිවාදී, ආගම්වාදී, ජනප්‍රිය, ජනකාන්තවාදී දේශපාලනයක් වෙනුවට නවීන, ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රායෝගික දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කල යුතුයි. ඒ සඳහා තරුණ පරපුර පුහුණු කල යුතුයි , යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මයි.

Exit mobile version