Site icon Newshub

දිනේෂ් ගුණවර්ධනව ජනාධිපති කරමු – සජබයෙන් පොහොට්ටුවට යෝජනාවක්

ජනාධිපති ලෙස වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළයුතුව තිබූ බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ පෞද්ගලික නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයකු ලෙස කටයුතු කරන මහජන ඡන්දයෙන් තේරී පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතාව ජනාධිපති ධුරයට පත්කිරීමට කටයුතු කලේනම් පාර්ලිමේන්තුවේ මේ වනවිට ඇතිව තිබෙන විකෘතිය සිදු නොවන බව ඒ මහතා කියා සිටියා.

එහිදී පොදුජන පෙරෙමුණේ මන්ත්‍රීවරුන් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස නම්කළ බවයි. එයට පිළිතුරු දුන් හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ලෙස ද පත්කිරීමට තිබුනේ දිනේෂ් ගුණවර්ධන මහතා බවයි.

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් සිටින පොදුජන පෙරමුණ විසින් ඉඩ ලබානොදෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් එම වැඩසටහනට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, සජිත් ප්‍රේමදාස මහතා එවකට ලිපියකින් අග්‍රාමාත්‍යධුරය ඉල්ලා සිටි බව මෙහිදී සඳහන් කළේය.

එයට පිළිතුරු දුන් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කියා සිටියේ එම ලිපිය යොමු කිරීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ලෙස පත් වූයේනම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනතාව විසින් පන්නා දැමීමට කටයුතු නොකිරීමට තිබූ බවයි.

වීඩියෝව මෙතනින්

Exit mobile version