Site icon Newshub

අනුරගේ ෆේස්බුක් බලකායට අභියෝගයක්

අනුර දිසානායක කියන්නේ දෙවන ගෝඨාභය බවත් ජනතාව නැවත වරක් ඔහුට රැවටිය යුතු නැතැයි සමාජ ක්‍රියාකාරී දශික මුදලිගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසගේ ඉන්දිය සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා තිබුණි,

“මේ දෙවන ගෝඨාභයට ඔහුට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගෝඨාභයගේ වියත්මග මතකයි නේද?. ජාතික ජනබලවේගයේ මේ බුද්ධිමතුන්ගේ කණ්ඩායමයි වියත්මගෙයි වෙනසක් නැහැ.

කලින් ඉන්දියාවට විකුණනවා කියලා කෑගහපු අය දැන් කියනවා ටෙන්ඩර් දාලා විකුණනවාට කමක් නැහැ කියනවා. මේ විදිහට බොරුවෙන් අන්දන්න එපා කියලා අනුර කුමාර මහත්තයාට කියන්න කැමතියි.

ඉන්දියානු ව්‍යාප්තවාදය විශ්වාකරලා 88-89 කාලේ තරුණයෝ මරුම්කෑවා. තවත් හැටදාහක් මැරෙන්න කලින් ජවිපේ මොලේ හෝදපු එක ගැන අපි  ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා. ඒ ගමන සුදානම් කළේ ජනාධිපතිතුමානම් අපි ජනාධිපතිතුමාටත් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ජනබලවේගය උගත් බුද්ධිමත් අයට තැනක් දෙනවා කියලා නිතරම කියනවා.  උගත් බුද්ධිමත් අයට තැනක් දෙනවානම් හරිනි අමරසුරිය මහත්මිය ඉන්දියානු සංචාරයට එකතුකරගත්තේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි ජවිපෙන් අහනවා. යනුවෙන්ද ප්‍රකාශ කළේය.

Exit mobile version