Site icon Newshub

ජනාධිපතිකම නැතිකරන්න සිරිසේන අත්දෙකම ඔසවයි

ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් කැඳවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා අත්දෙකම ඔසවා කැමැත්ත පළ කරන බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සව සභාවක් අමතමිනි.

 

Exit mobile version