Site icon Newshub

අපේ රට ලෝකයට පාලම් බැඳිය යුතුයි – හර්ෂ

ශ්‍රීලංකාව ලෝකයට එකතු විය යුතු බවත් ඉන්දියාවේ සිදුවන සීග්‍ර වර්ධනයෙන් ප්‍රයෝජනය ගත යුතු බවත් විපක්ෂයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

“මීලඟ වසර 25 තුළ වැඩිපුරම වර්ධනය වෙන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රන්ත 05 වෙන තෙලගනා , ආන්ද්‍රා, කර්නාටක ,කේරල සහ තමිල්නාඩු ප්‍රාන්ත. අපි මේ ඇන්ජිම සමඟ එකතුවෙන්න අවශ්‍යයි. මේ ප්‍රාන්ත පහ තුළ සියලුම කර්මාන්ත බොහොම වේගයෙන් වර්ධනය වෙනවා. ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම වේගයෙන් ඉහළ යනවා. මේ රැල්ල සමඟ යන්න අපිට පුළුවන් විය යුතුයි.  මේ එන්නේ ජීවිතයේ එකපාරක් එන අවස්ථාවක්. අපි මේකෙන් ප්‍රයෝජනය ගත යුතුයි. මේ නිසා අපේ රට ලෝකයට පාළම් බැදිය යුතුයි” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර

Exit mobile version