Site icon Newshub

ජනවාරියේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවයි

ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 ක් පැමිණ තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,000කට අධික සංඛ්‍යාවක් පැමිණියේය. ඒ් අනුව පිට පිටම දෙවැනි මාසයටත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබේ.

ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඉන් අනතුරුව රුසියාවෙනි.

Exit mobile version