Site icon Newshub

රණවිරුවෙක් කියලා ගෝඨාවයි ආර්ථික විශේෂඥයෙක් කියලා කබ්රාල්වයි, සජිත් SJB එකට ගනියි – SF

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ පිළිකුලක් මෙන්ම ප්‍රශ්නයක් තිබෙනව බවත්, කෙසේ වෙතත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අත්තනොමතික ක්‍රියා නිසා පක්ෂය හැර නොයන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

රණවිරැවෙකු ලෙස සඳහන් කරමින් දයා රත්නායක මහතා පක්ෂයට සම්බන්ධ කර ගන්නේ නම් මෙවැනි ආකරයෙන් රණවිරැවෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද පක්ෂයට පැමිණීමට හැකියාව තිබෙන බවත්, එවැනි කටයුතු සිදු නොවිය යුතු බවත් ඊයේ (31දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“මේ දයා රත්නායක කියන පුද්ගලයා අපේ පක්ෂයට ගාව ගත යුතු පුද්ගලයෙක් නෙවෙයි. මේ දයා රත්නායක කියන පුද්ගලයා මම ඉන්න තැනකට එනවා කියන එක එක්කෝ එතුමාටත් මොලේ අමාරුවක් තියෙනවා. එතුමාගේ ලැජ්ජ නැති කමත් ඒකෙන් පේනවා. මොකද එතුමා අතීතයේ හමුදාවේ හැසිරුණු ආකාරය දන්නවා. මම 2010 ජනාධිපතිවරණයෙන් පසුව මාව අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත්ත වෙලාවේ මේ පුද්ගලයා කැළෑ උසාවියක් පැවැත්තුවා මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ.

යුධ අධිකරණ වල රෙගුලාසි වලස තියෙනවා යුධ අධිකරණයේ ඉන්න විනිසුරුවරු චූදිතයාට වඩා ජ්‍යේෂ්ඨ වෙන්න ඕනී කියලා. එහෙම අය නැතිනම් ඒ තනතුරේම අය වෙන්න ඕනී. කණිෂ්ඨයෙන් ජ්‍යේෂ්ඨයෙක් ගැන විමර්ශනයක් කරනවා කියන එක විහිළුවක්. නමුත් කැළෑ උසාවියකට මාව දාලා, ඒකේ හිටිය විනිසුරු වරු මට වඩා නිළ දෙකකින් පහළ අය.

දයා රත්නායක හිටියේ හමුදාවේ 25 වැනියාට විතර. එයා තමයි සාක්ෂි සම්පින්ඩනය කරලා, බොරැ සාක්ෂි ගොතලා, චෝදනා පත්‍ර සකස් කරලා ඒ සියල්ල කළේ. ඒ කාර්ය කළ නිසා දයා රත්නායක 25 වැනියා ඉදාල මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ රජය එයා දෙවැනියාට උසස් කළා හමුදාවේ. එදා ඉදලා එයා රාජපක්ෂවරැන්ට ගැතිකම් කළා.

මේ වගේ පුද්ගලයෙක් ගෙනල්ලා මම ඉන්න තැනකට භාර ගත්ත එකම ප්‍රශ්නයක්. අපිට ඉතාම පිළිකුලක් තිබෙනවා ඒ ස්ථානයේ මේ වගේ මිනිස්සුත් එක්ක එකට වාඩි වෙන්න බෑ. මේ වගේ මිනිස්සු එක්ක දේශපාලනය කරන්න බෑ. ඒ නිසා ඉතා විවේචනාත්මකව මම පක්ෂ නායකයාට කියලා තියෙනවා. පක්ෂ ලේකම්ට කියලා තියෙනවා. පක්ෂ ලේකම් අද උදෙත් මට කතා කරලා කිව්ව මේ පුද්ගලයා අපි එළියට එන්න දෙන්නේ නෑ. ඔහේ හිටපුවාවේ කියලා. මම කිව්වා එහෙම හරියන්නේ නෑ.

මෙවැනි පුද්ගලයෙකුට පක්ෂ සාමාජිකත්වයක් දෙන්න බෑ කියලා. පක්ෂයක් වුණාම ප්‍රතිපත්ති තියෙන්න ඕනී. මේ පුද්ගලයා අපේ පක්ෂයට බඳවා ගැනීම අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. ඒ නිසා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන්ම පක්ෂය අතහරින්නේ නෑ අපි. මේක කාටවත් භාර දීලා අපි අතහැරලා යන්න ලෑස්ති නෑ. මේ පුද්ගලයා ගෙනත් තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්යේ ඡන්දේ පැරදුන පුද්ගලයෙක්.

රණවිරැවෙක් කියලා දයා රත්නායක ආවානම්, රණවිරැවෙක් කියලා ගෝඨාභයට එන්නත් පුළුවන්. ඒ දෙන්නා අතරේ පොඩි වෙනසක් තිබුණේ. මෙහෙම ගියොත් තව ටිකක් කල් ගිහින් හොඳ ආර්ථික විශේෂඥයෙක් කියලා කබ්රාල් ගන්නත් පුළුවන්. එහෙම වැඩ කරන්න බෑ.

Exit mobile version