Site icon Newshub

වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට – රජයේ සේවකයන්ටත් වාසියක්

වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ රාජකාරි බාධා , පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර ඇත.

මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව සියයට 25කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇත.

මීට අමතරව රජයේ සේවකයන්ගේ වැටුපට අප්‍රේල් මාසයේ සිට වැඩිකළ රුපියල් 10000 ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක මුදලක් මේ මාසයේ සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (080 රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිනිව තිබෙනවා.

Exit mobile version