Site icon Newshub

මාලදිවයිනට වඩා ලංකාවට සංචාරකයින් ඇවිත්

2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මාලදිවයිනට පැමිණි සංචාරක සංඛ්‍යාවට වඩා වැඩිවී ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබමින් සඳහන් කර තිබේ.

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 210 352 ක් පැමිණ ඇති අතර එය 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සැසදීමේදී 129% ක වර්ධනයකි.

ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

Exit mobile version