Site icon Newshub

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්න

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් වැඩතහනම් කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය වෙත මෙම උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

Exit mobile version