Site icon Newshub

2024 මුල සිට ඉන්ධන සහ ගෑස් සඳහා වරාය හා ගුවන් තොටුපොළ බදු ඉවතට

රජය මගින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන යටතේ ලබන ජනවාරි 01 වැනිදා සිට ඉන්ධන සහ ගෑස් සඳහාVAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

28 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය.

ඒ අනුව 18%ක් වන VAT බද්ද ඉන්ධන සඳහා ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඒ සඳහා පැවැති 7.5 ක වරාය හා ගුවන් තොටුපොළ බද්ද ඉන් ඉවත් වෙයි. එසේම ගෑස් සඳහා 18ක%VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී 2.5% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වීමක් සිදු වන බවද සඳහන් කරයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ තනුජා පෙරේරා මහත්මිය, ඉන්ධන සහ ගෑස් සඳහා වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමක් සිදුවුවත් එය 18% කින්ඉහළ යාමක් නොයන බව පැවසුවාය. එහිදී ඩීසල් සහ ගෑස් වැනි දේවලට උපරිම මිලක් නියම කිරීම හේතුවෙන් අදාළ බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බවත් ඇය පැවසුවාය.

මේ අතර,ඉන්ධන සහ ගෑස්වලට අමතරව වරාය හා ගුවන්තොටුපොළ බද්දට යටත් වන තවත් භාණ්ඩ කීපයක් හඳුනාගෙන ඇති බවත්, එම භාණ්ඩවලටද බදු ගැලපීම් කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

Exit mobile version