Site icon Newshub

ඩොලර් මවන Sri Lanka Sweet Coconut.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි.

ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇති බැවින්ද ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන අතර එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොවේ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය

Exit mobile version