Site icon Newshub

උත්සව සමයේ සතොසෙන් බිත්තරයක් රු. 35ට. තවත් භාණ්ඩ 10ක මිල පහළට

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබෙනවා.

එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි.

ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබේ.

දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර ඇත.

අනයනික අල මිල රුපියල් 15කින් අඩුකර තිබේ.

රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකර ඇත.

කඩල කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර තිබේ.

ජනතාවට අඩුම සීනි මිල සතොස හරහා ලබාගත හැකි බවත් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කරන බවත් සතොස නිවේදනය කරයි.

බිත්තරයක් රුපියල් 35කට ලබාදීමටත් තීරණය කර තිබේ.

උත්සව සමය වෙනුවෙන් ලූනු කිලෝවක මිල රුපියල් 400ක මිලට පහළින් පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් සතොස දැනුම්දෙයි.

Exit mobile version