Site icon Newshub

රටට අහිමි විය හැකි ආදායම් අයකර ගැනීම පිළිබඳ රජයක් මෙතරම් කැපවූ යුගයක් තවත් නෑ

රටට අහිමි විය හැකි ආදායම් අයකර ගැනීම පිළිබඳ රජයක් උපරිම ලෙස කැපවූ යුගයක් තවත් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින නීති ශක්තිමත් කරමින් රිංගා හැකි සෑම සිදුරක් ම වසා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

මධ්‍යසාර බෝතල් මත අලවන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට අදාළව විමසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් පරීක්ෂණ කරන බවයි. මීට අමතරව මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වෙත යොමු කරන සුරාබදු නිලධාරීන් මාස 6කට වරක් මාරු කිරීම, ආවේශන කැමරා පද්ධිති මගින් නිෂ්පාදනය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි. මෙම ක්‍රියා හේතුවෙන් ගෙවීගිය මාස තුනක කාලය තුළ රුපියල් බිලියනකින් පමණ සුරා බදු ආදායමේ වර්ධනයක් ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

Exit mobile version